Posted by: admin

ගර්භනීන් විසින් කළයුතු යාච්ඤාව

ගර්භනීන් විසින් කළයුතු යාච්ඤාව

ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ අමිල වූ ලෙයින් අප මුදාගත් අහස පොළොව මැවුම්කාරයා වන සර්වබල ඇති දෙවි ස්වාමිනි, මට සහ මාගේ කුසයෙහි පිළිසිදෙන්නට සලස්වා වදාළ දරුවාටත් ඔබවහන්සේගේ ආශිර්වාදය ඉල්ලමින් ඔබ ඉදිරියේ දනින් වැටී සිටින ඔබගේ දිළිදු දාසී දෙස බලා වදාළ මැනව.

මා සහ මාගේ කුසයෙහි බොළද ඵලයත් සියලු උපද්‍රාවලින් හා නපුරිනුත් ආරක්ෂා කරගත මැනව. නියම කාලයට සුවසේ ප්‍රසුතකර මාගේ දරුවා නිතර ඔබවහන්සේට විශ්වාස ලෙස ආදර වෙන පිණිසත්, ගැතිකම් කරන පිණිසත්, ඔබවහන්සේට ඔප්පු කිරීමට ඥානස්නාන පාත්‍රය වෙත නිරුපද්‍රව ගෙන එන්ට මට පිහිටවුව මැනව. ආමෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *