Posted by: admin

මව් පදවියේ භාග්‍යපතා යාච්ඤාව

මව් පදවියේ භාග්‍යපතා යාච්ඤාව

මව් පදවියේ භාග්යපතා සිටින අය උදෙසා යාච්ඤාව ආදර සෙනෙහසේ උල්පත වූ දෙවි සමිඳුනී දරු සෙනෙහසින් ඇළලී ඔබ වෙත පැමිණ කන්නලව් කරන ඔබගේ දරුවන් දෙස ඔබ වහන්සේගේ දයාබර නෙත් හෙළුව මැනව. සෑම ජීවිතයක්ම නික්මෙන්නේ ඔබ වහන්සේගෙන් බව තරයේ විශ්වාස කරමින් අද දින ඔබ පා මුල වැටී සිටින අප හට දරු ඵල ලබා ගැනීමේ භාග්ය ඔබ වහන්සේගේ කැමැත්තට එකඟව ලැබ දෙනමෙන් බැගෑපත්ව අයැද සිටිමු. නිසරු ගර්භයන් ආශිර්වාද කර දරු ඵලයක් හටගැනීමට සුදුසු වාසස්ථානයක් සූදානම් කර දුන මැනව. අති නිර්මල කන්ය මරිය මාතාවෙනී, අතී කරුණාභරිත වූ මෑණියනී අපගේ උත්තරීතර බලාපොරොත්තුව වන දරු සම්පත ලැබ ගැනීමට මධ්යස්ථ වුව මැනව. විශ්වාසයෙන් යුතුව ඔබ තුමියගේ නාමය උච්චාරණය කරන සෑම විටම එය අපගේ සහනය වන්නේමය. අපගේ මුළු බලපොරොත්තුව ඔබ තුමිය වෙත තබමින් ඔබ තුමියගේ සරණය පතා සිටිමු. ආමෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *