උදය ආරාධනාව

සියලූ දේ මවා පාලනය කරන දෙවියනි,ඔබගේ කරුණා අදහසින් මා ලැබූ උපකාර රාශිය උදෙසාද, විශේෂයෙන් පසුගිය රාති‍්‍රයේ මා නසින්නට ඉඩ නොදි ආරක්ෂා කළ නිසාද, අනේක වරක් ඔබට ස්තූති කරමි. ඔබගේ අණ පණත් ශේෂයක්වත් නොවරදවාම මේ දවස ගත කරන ලෙස පොරොන්දු වී මාගේ කල්පනා වචන හා ක‍්‍රියා සියල්ලම ඔබට ස්තෝත‍්‍ර කොට පුදමි. එසේ හෙයින් මාගේ ගතට හා ප‍්‍රණයට යම් විපතක් නොයෙදි ඔබගේ කැමැත්ත පරිදි ධර්මයෙන් පැවත මා මෝක්ෂ සුගතියට සුදුස්සෙකු වන පිණිස කරුණාකර වදාළ මැනව. ආමෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *