පිළිකා රෝගීන් උදෙසා යැදුම

අති උතුම් ශු. පෙරිග්‍රීනු මුනිදුනි, ඔබ වහන්සේගේ පිහිට පතන්නාවූ අය හට ඔබ දෙවියන් වහන්සේ මගින් ලබා දුන්නාවූ අනේක ප්‍රාතිහාර්යයන් නිසාම අපි ඔබ වහන්සේ බලසම්පන්න යැයිද පුදුම ක්‍රියා කරන්නෙකු යැයිද හදුන්වන්නෙමු. වසර ගණනාවක් පුරා ඔබවහන්සේ ඔබ මාංශයෙහිම, අප මිනිස් ශරීරය විනාශ කළ හැකි වූ පිළිකා රෝගය දරාගත්තා නොවේද ? මිනිස් බලයෙන් කළ හැකි සියල්ල ඉක්මවූ විටදී පවා ඔබ සර්ව වරප්‍රසාදයේ උල්පත වූ දෙවියන් වහන්සේගේ පිහිට පැතුවෙහිය. ජේසුස් වහන්සේ කුරිසියෙන් බැසවිත් ඔබේ පීඩාවන්ගෙන් ඔබ මුදාලන දර්ශනය දකින්නට තරම් වරම් ලැබුවාවූ ශු. පෙරිග්‍රීනු මුනිදුනි, ඔබ පාමුල අප තබන්නාවූ ( ශු. පෙරිග්‍රීනු මුනිතුමාගේ මැදිහත්කම පතන රෝගියා සිහිකරන්න ) රෝගී තත්වයෙන් පෙලෙන්නන් උදෙසා දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා කළ මැනව. ඔබගේ බලවත් මැදිහත්කමින් උපකාර ලබා අපි දැනුත් සදාකාලයටත් දෙවියන්වහන්සේගේ දයාවත් යහපත්කමත් නිසා උන්වහන්සේට තුති ගී ගයන්නෙමු. ආමෙන්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *