ගල්ලෙනෙහි යාච්ඤව

අහෝ ! වන්දනීයවූ දේව ගැලවුම් කරයාණන් වන ජේසුස් ක්‍රිස්තුනි සත්තකින්ම අපේ මහා පව් නිසා ඔබ වහන්සේ එදා කල්වාරි කුරුස ගසෙහි දිවි පිදු සේක.අහෝ ක්‍රිස්තුන් ගැලවුම්කාරයාණන්ගේ වන්දනීය වූ කුරුසියෙනි අපගේ සිතුවිලි සිහිපත් කළ මැනව. ආ! ස්වාමීන් වහන්සේගේ ශුද්ධ වූ කුරුසියෙනි සකළ විද අන්තරාවලින්ද දුක් කරදර වලින්ද අප මුදා ගත මැනව. ආ! ජේසු ගැලවුම් කාරයාණන්ගේ ශුද්ධ වූ කුරුසියෙනි, සතුරන්ගේ අප ආරක්ෂා කළ ගත මැනව. ආ! අපගේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී කුරුසියෙනි, අකල් මරණයෙන් අප ගලවා සඳා ජීවනය අපට දානය කළ මැනව, ආ! කුරුසියෙනි ඇණ ගසනු ලැබුවාවූ නාසරෙත්හි ජේසු තුමෙනි. සදා කල් අපට අනුකම්පා කල මැනව, ජේසුස් ක්‍රි‍ස්තුස් තුමෙනි ඔබ වහන්සේගේ මහිමයෙන්ද දුක්ප‍්‍රාප්තියෙන්ද උත්තානයෙන්ද දෙවි කෙනෙකුටම හිමි වූ අහස් නැගීමෙන්ද අප ස්වර්ගයට පමුණුවනු පිණිස සත්තකින්ම එදා ගවලෙනෙහි ඉපිද මහා සිකුරාදා දින කල්වාරි කදු මුූදුනෙහි කුරුසියෙහි ඇණ ගැසිමෙන් පසු උකුත් නිකදෙමුස් සහ ජෝශප් යන භක්තිකයන් විසින් කුරුසියෙන් බාන ලදුව තැන්පත් කරනු ලැබූ සේක, සත්තකින්ම ඔබ වහන්සේ ඉපදී දහතුන් වන දිනදී රජතුන් කට්ටුව විසින් රත්තරන් තැවරලා සහ සුවුඳ ලාටු යන පඬුරු පුදන ලදි, සත්තකින්ම ඔබ වහන්සේ ස්වර්ගාරෝහණය වූ සේක, ජේසු ක‍්‍රිස්තු තුමන්ගේ මහිමයෙන් අප සතුරන්ගේ හිරිහැර කරදර හා වංචාවලින් දැනුත් සාදා කල්හිත් අප ආරාක්ෂා කළ මැනව, ආ! ජේසුස් ක්‍රිස්තුනි අපට කරුණා කළ මැනව, ශුද්ධ වූ මරියනි, ශුද්ධ වූ ජුසේ තුමෙනි අප නිසා යාච්ඤ කළ මැනව. (මෙහි අපට අවශ්‍ය දේ සිහිපත් කරන්න) අහෝ ජේසුස් ක්‍රිස්තුනි සත්තකින්ම ඔබ වහන්සේගේ ආත්මය වෙන්වූ සේක, එසේම මරණ වේදනාව කිසිදු පැකිලිමක් නැතිව දුන මැනව, ඔබ වහන්සේගේ ශුද්ධ වූ දුක් ප‍්‍රාප්තිය මගින් දැනුත් නිති පතාත් සියලූ අන්තරාවලින් අපව ද මූදාලූව මැනව. ආමෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *